❤ *Computer Language*❤
language එකක් කියන්නෙ දෙපාර්ශවයක් හෝ සමූහයක් අතර අදහස් හුවමාරු කර ගන්න පාවිච්චි කරන මාධ්‍යක්. මිනිස් භාශාවන් රටින් රටට ජාතියෙන් ජාතියට විවිධ වෙනවා. කුමන වෙනසක් උනත් මේ හැම භාශාවක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ශබ්දය උපයෝගී කරගෙන.
අපි එදිනෙදා ජීවිතයේදී පරිගණකය භාවිතා කරනවා. මේ පරිගණක භාවිතයේදී අපිට පරිගණකය සමග සන්නිවේදනය කරන්න සිදු වෙනවා. නමුත් පරිගණකයකට තේරුම් ගත හැක්කේ 1 සහ 0 යන ද්විමය සංඛ්‍යා දෙක පමණි. මෙලෙස 1 සහ 0 යොදා ගෙන කරන සන්නිවේදනය binary ලෙස හදුන්වනවා. නමුත් මෙය මිනිසුන්වන අපිට සංකීර්ණ දෙයක්. ඒ නිසා අපිට පරිගණකය සමග සන්නිවේදනය කරන්න වෙනත් විකල්පයක් අවශ්‍ය වෙනවා. මෙයට විකල්පයක් ලෙස තමයි programming language බිහි වෙන්නේ. ලොව පලමු programmer ඇඩා ඔගස්ටා නමැති කාන්තාවක්. චාල්ස් බැබේජ් විසින් නිපදවූ පරිගණකය සදහා ක්‍රමලේඛ එසේත් නැති නම් program සෑදූයේ ඇය විසිනුයි.
සියලු මිනිස් භාශාවන් නිර්මාණය වන්නේ ශබ්ද උපයෝගී කරගෙන් බව මා පැවසූවා ඔබට මතක ඇති. එලෙසම සියලුම පරිගණක භාශා නිර්මාණය වන්නේ 1 සහ 0 යන ද්විමය සංඛ්‍යා උපයෝගී කර ගෙනයි. එනම් අප යම් program එකක් සාදා එය ක්‍රියාත්මක කල විට එය පරිගණකයට තේරුම් ගැනීම සදහා interpreter සහ compiler නම් වැඩසටහන් දෙකක් මගින් ද්විමය සංඛ්‍යා බවට පත් කරයි.
අපි input එකක් දීලා output එකක් ගත්තට මේක අතරමැදදි වෙන process එක ගොඩාක් ලොකු දෙයක් කියලා ඔයාලට තේරෙනවා ඇතිනෙ. හැකින් ඉගෙන ගන්නවා නම් අපි ඉගෙන ගන්න ඕනි. අන්න ඒ process එක මිසක් මොකක් හරි ටූල් එකකට කෝඩ් එකක් දීලා output එක ගන්න එක් නෙවෙයි.
*languages*
_Programming_ :
C, Assembly, Python, Ada, Java
_Database_ :
MySQL, MSSQL, Oracle
_Scripting_ :
batch, powershell, bash
_Web_ :
HTML, JavaScript, CSS, Ruby, AJAX
මම *./Dilan vinod

